Friday, January 13, 2012


පහුගිය දවසක අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාණු කණ්ඩායම හමුවේ ලකුණු 43ට දැවී ගියා. මේ පරාජයත් සමඟ අපේ සමහර ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ගැන කතා කරද්දිත් කේන්ති යනවා. ඒක ගැටලුවක් නෙමේ. මොකද අපි කවුරුත් කැමති අපේ කණ්ඩායම නිතර ජයග්‍රහනය කරනවනම් තමයි.

මීට පෙර අපේ කණ්ඩායම ලබාගෙන තිබුන අවම ලකුණු සංඛ්‍යාව තමයි බටහිර ඉන්දිය කණ්ඩායම හමුවේ ලබාගත් ලකුණු 55. එම වාර්තාව මෙවර බිඳ වැටුනා.මෙවර අපි ලබාගත්
තෙ ලකුණු 43ක් පමණයි.එක්දින තරඟයකදී අපේ කණ්ඩායම ලබාගත් මේ ලකුණු සංඛ්‍යාව ලොව 4 වෙනියට ලබාගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් වල ලියවුනා.

මේ විදියෙ වටපිටාවක් තුල මට නිකමට හිතුනා ලොව අඩුම කණ්ඩායම් ලකුණු ලබාගත් අනෙක් අවස්තාවන් තුන ගැන හොයල බලන්න. එතන මුලින්ම ඉන්නෙ ලකුණු 35ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායමයි.දෙවනි ස්ථානය ලකුණු 36ක් ලබාගත් කැනඩා කණ්ඩායම.තුන්වෙනි ස්ථානය නැවතත් සිම්බාබ්වේ. ලකුණු 38යි. වැද්ගත්ම දේ තමයි මේ අවස්තා තුනේදිම මේ කණ්ඩායම් මේ විදියට දවාගත් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වීම.

මේ ලැයිස්තුව තවත් පහලට යද්දි, 9 වෙනි ස්ථානයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම
ලකුණු 54ට දැවී ගිහින් තියනවා. එයත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ.එහෙම බලද්දි පොඩි සතුටකුත් දැනෙනවා.හැම අඳුරු වලාවකම රිදී රේකාවක් තියනව කියල කියනවනෙ.

දැන් බලමු මේ කතාවට චමින්ද වාස්ගෙ තියන සම්බන්ධය මොකක්ද කියලා. එ
ක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ අඩුම කණ්ඩායම් ලකුණු ලබාගත් ප්‍රථම දෙවන හා තුන්වන අවස්තා වලදී ඒ දස්කම කල කණ්ඩායම අපේ ශ්‍රී ලංකා කණ්ඩායම්යි.මේ ඉනිම් තුනේදි අපි කඩුලු 30ක් දවාගෙන තියනවා.ඉන් කඩුලු 15ක්ම ලබාගෙන තියෙන්නෙ චමින්ද වාස්.

ඒ මෙන්න මේ විදියට


( 1) සිම්බාබ්වේ කණ්ඩායම 35 - වාස් කඩුලු 4

(2 ) කැනඩා කණ්ඩායම 36 - වාස් කඩුලු 4
( 3) සිම්බාබ්වේ කණ්ඩායම 38 - වාස් කඩුලු 8

මින් තුන්වන අවස්තාව වන කඩුලු 8ක් දවගත් අවස්තාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක ක්‍රීඩකයකු ලැබූ ඉහලම කඩුලු
සංඛ්‍යාව සඳහා වන ලෝක වාර්තාවයි.


ඒ විතරක් නෙමෙයි. මේ ලැයිස්තුවේ 9 වෙනි තැන ඉන්දීය කණ්ඩායම ලකු
ණු 54ට දැවී ගිය බව ඉහතින සඳහන් වුනා.එම තරහයේදීත් චමින්ද වාස් කඩුලු 5ක් ලබාගෙන තියනවා.

ඒ අවස්තාව මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන්

Friday, October 15, 2010

පුංචි පුතාගේ ඉඳුල් කටගෑම

පහුගිය ජනවාරි මාසෙ අපේ කැදැල්ලට පුංචි පුතෙක් එකතු වුන බව මම කලින් මේ අඩවියෙ සටහන් කලා.එක මෙතනින් බලන්න පුලුවන්.ඊට පස්සෙ පුතාට නමක් දාන්න බ්ලොග් අවකාශයේ අය එකතු වුන හැටි මෙතනින් බලන්න පුලුවන්.ඊට පස්සෙ පුතා ගැන මුකුත් මේ බ්ලොග් අඩවියෙ සටහන් කලේ නෑ.නමුත් අද විශේෂ දවසක්.අද උදේ යෙදුන සුභ මොහොතකින් පුංචි පුතාට ඉඳුල් කටගෑවා.ඉතින් අද ගෙදර හැමෝටම සතුටු දවසක්.

ඉඳුල් කට ගෑමේදී දරුවාට තමන් කැමති දෙයක් තොරාගන්නට ඔහු වටා නොයෙක් දේවල් තබන සිරිතක් තියනවනෙ.ඉතින් පුංචි පුතා තොරගත්තෙ කොම්පියුටර් මවුස් එකක්.මම වැඩිපුර වෙලාවක් ඉන්නෙත් කොම්පියුටර් එක එක්ක තමයි.ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියලත් කියනවනෙ...

Tuesday, October 12, 2010

ආභියෝගයක් වුනත් මෙය අහිංසක විරුද්ධත්වයක්. බුදු දහමට කරපු අභියෝගයක් නම් නෙමෙයි. අපි දන්නවා බුදු රජානන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කල අවස්ථාවේ සිදු වූ සිදුවීම්. මෙහි එක් අවස්ථාවක එනවා නන්ද කුමාරයා සම්බන්ධ සිද්ධියක්. නන්ද කුමාරයාගේ රාජාභිෂේකයත් විවාහ මංගල්‍යයත් නව රජ මැදුරකට ගෙවදීමත් එකම දිනක යොදාගෙන තිබුනා. ඊට පෙර දින බුදු රජානන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පිරිනැමුනා.

දානය අවසානයේ බුදු රජානන් වහන්සේ නන්ද කුමාරයා අතට පත්‍රය ලබාදුන්නා. එසේ පාත්‍රය ලබාදුන් පසු පාත්‍රය ලබාගත් තැනැත්තා එය රැගෙන විහාරය තෙක් ගමන් කල යුතුයි. මේ ගමන අතරතුර සිදුවුන සිදුවීම අපි හැමෝම වගේ අහලා තියනවනෙ. මේ ගමන අතරතුර බුදුරජානන් වහන්සේ නන්ද කුමාරයට හේනක දැවී ගිය වැඳිරියක් මවා පෙන්වනු ලැබුවා. ඉන් පසුව තවුතිසා දෙවු ලොවට වැඩම කොට දිව්‍යාංගනාවන් පන්වනු ලැබුවා.

අපි දන්නවනෙ නන්ද කුමාරයා විවාහ වෙන්න හිටියෙ ජනපද කල්‍යාණි සමග බව. බුදු රජානන් වනසේ අර වෙලාවෙ නන්ද කුමාරයගෙන් ජනපද කල්‍යාණිය ගැන ඇසුවා. දිව්‍යාංගනවන දැක සිත් නෙත් පිනවාගෙන සිටි නන්ද කුමාරයා ජනපද කල්‍යාණි අතර මගදි දුටු දාච්ච වැඳිරිය වගේ කියල උත්තර දීපු බව තමයි සඳහන් වෙන්නෙ.

දැන් කට්ටිය මට බනිනවා අති මෙයා මේ බණ කතා කරනවා.මොකද්ද ඔය ගීතය කියල..එහෙනම් ඔන්න දැන් ගීතය ගැන කතා කරමුකො.දැන් කලෙ FM වල වැඩිපුර ඇහෙන්නෙ නැති වුනාට ඉතාම වටිනා ගීත රැසක් ගායනා කල වටිනා ගායකයෙක් තමා සෝමතිලක ජයමහ. එතුමා ගායනා කල සමහර ගීත එතුමාම රචනා කරල තියෙනවා. මේ ගීතයත් එවැනි ගීයක්.

බුදු පියානන් වැඳිරියක් මවා පෙන්වුවත් තමන් ආදරය කරන කාන්තාවට නිග්‍රහ කළ නොහැකි බව ඔහු සඳහන් කරනවා. ඒ වගේම සිත් පුරා සුරඟනන් දුටුවත් තමන් දන්නා හඳුනන කල්‍යාණිය සුරඟනන්ට වඩා තමන්ට සමීප බව ඔහු කියනවා. ඇසින් දුටු සුරඟනන්ට වඩා හදවති දුටු පෙම්වතිය තමන්ට වටින බවත් මේ ගීතයේ සඳහන් වෙනවා.

බොහෝ විට අප ගී රස විදින්නේ පදමාලාව ගැන ලොකු අවධානයක් නැතිව. පදමාලාව තෙරුම් ගනිමින් ගීතයක් රස විඳීමෙන් වැඩි රසයක් විඳගත් හැකි බව මගේ මතයයි. කලින් අහලා තිබුනත් මෙහි පදමාලවත් සමඟ නැවත් වතාවක් ගීතය රස විදින්න කියලා ආරාධනා කරනවා.

උවමනා අය ගීතය මෙත්නින් බාගන්න.
මෙතනින් ගීතය අහන්නත් පුලුවන්.





ගීතය රස විඳලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොඳද.....!


Wednesday, October 6, 2010

E-Bay එකෙන් ඔන්න අපිටත් බඩු ........!

E-Bay එකෙන් බඩු ගත්තට මටනම් සම්පත් වෙබ් කාඩ් එකක් වත් නෑ.මගේ අසල්වැසි මිත්‍රයා චින්තකගෙ සම්පත් වෙබ් කාඩ් එකෙන් තමයි මමත් මේක ගත්තෙ.මිනිහයි මමයි මේ ගැන විස්තර හොයගත්තු විදිය චින්තක මෙත්න ඉතා පැහැදිලිව විස්තර කරනවා.

දැන් ගත්තෙ මොනවද බලමුකො.මේක ගොඩක් අයට නොවැදගත් දෙයක්.ඒත් මටනම් ගොඩක් වැදගත් දෙයක්.මම විදේශ ගතවෙලා ඉඳල එද්දි LCD මොනිටර් එකක් ගෙනාවා. දැනට අවුරුද්දකට විතර කලින් වැස්ස දවසක් අකුනක් ගහලා ගෙදර ට්‍රිප් ස්විච් එක ඕෆ් උනා.එ වෙලාවෙ Computer එක වැඩ කරමිනුයි තිබුනෙ.පස්සෙ බලද්දි මොනිටර් එක වැඩ කරන්නෙ නෑ. පස්සෙ ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් තියන හිතවතෙකුට මේක පෙන්නුවා.එයා බලලා කීවා සෙනර් ඩයොඩ් දෙකක් පිච්චිලා.එක දැම්මම වැඩේ හරි කියලා.ඊට පස්සෙ මේ උපකරනය හැමතැනම හෙවුවා. හොයගන්න බැරි වුනා. පස්සෙ මේ ගැන Techකතා වලට ලීවා.එතනදි ලැබුන උත්තරෙත් E-Bay.

ඒත් ඒකට ක්‍රෙඩිට් කාඩ් නැති නිසා ඉවසන් හිටියා.ඔහොම ඉද්දි තමයි ධනිකගෙ ලිපි මාලාව කියවන්න ලැබුනෙ.ඒත් කොහොමහරි මගෙ අතින් ඒක ක්‍රියාත්මක උනේ නෑ. ඒත් මගේ මිත්‍රයා වැඩේට බැස්සට පස්සෙ මිනිහා උපරිම වේගෙන් ක්‍රියාත්මක උනා.ඒ ගමන්ම මගෙ වැඩෙත් කරගත්තා. මේ තියෙන්නෙ ඒ උපකරණයි.

තාම මොනිටර් එක හදාගන්න යන්න බැරි වුනා. ඒ වැඩේ කෙරෙන්නෙ සෙනසුරාදා.ලඟදිම සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.කිසි බයක් සැකක් නැතුව E- Bay එකෙන් බඩු ගන්න කියල තමා අන්තිමට කියන්න තියෙන්නෙ.

Sunday, August 29, 2010

කාලෙකට පස්සෙ...........

මාස තුනකින් විතර බ්ලොග් එක ලියන්න බැරි වුනා. අන්තිමට ලීවෙ සනත් ගැන.වැඩි පිරිසකගෙ අදහස සනත් දිගටම දේශපාලනය කරනවනම් හොඳයි කියන එක.කොහොම හරි මේ දවස් වල සනත් ගැන කිසි ආරංචියක් නෑ.ඒ අතරේ මුරලි ඉතාමත් විශිෂ්ඨ විදියට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තා.ඒ ගැන බ්ලොග් එකක් ලියන්න හිතාගෙන හිටියත් ඉඩක් හම්බවුනේ නෑ.දැන් අලුත්ම මාතෘකාව රන්දිව්.. කොහොමහරි තුන් කොන් තරගාවලිය නම් ජය ගන්න ලැබුනා...
ඒ අන්තිම පෝස්ට් එක ගැන.. රැකියව කරන ස්ථානය මාරු කරන්න වුන නිසා බ්ලොග් ලිවිල්ල තවත් අතපසු වුනා.මොකද කලින් වැඩ කරපු තැනට වඩා දැන් වැඩකරන තැන ටිකක් දුර නිසා.ගෙදර ඉන්න තිබුන කාලෙන් පැය කීපයක් දැන් බස් එකේ ගතකරන්න වෙලා.කොහොම නමුත් බ්ලොග් එක ලියන එක නම් නවත්තන්නෙ නෑ.ඉඩක් ලැබෙන විදියට මොනවහරි ලියන්න හිතන් ඉන්නවා.මම බ්ලොග් ලියන්න පටන් ගනිද්දි සිංහල බ්ලොග් කරුවන්ගෙ සන්සදේ හිටියෙ දෙසිය ගනනක්. දැන් දාහත් පැනලා.ඒ නිසා ලියන්න වෙලාවක් නෑ කියවන්න ගියාම.කොහොම නමුත් මේ තරමට මේ දේවල් දියුනු වෙන එක සතුටට කරුණක්.කොහොම නමුත් ඉක්මනින්ම අයෙ පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නවා..දැනට නවතින්නම්.

Sunday, May 30, 2010

සනාගේ අනාගතය.......?


සනත් ජයසූරියගේ ක්‍රීඩා දිවිය ගැන දැන් ලොකු සාකච්ඡාවක් ඇතිවී තිබේ.පිරිසක් තව දුරටත් ඔහු ක්‍රීඩා කරනු දැකීමට කැමතිය.තව පිරිසක් ඔහු දැන් ක්‍රීඩාවෙන් සමුගත්යුතු කාලය පැමිණ ඇති බව කියති.
ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කර ඇති සේවය කෙසේවත් අවතක්සේරු නොකළ යුතුය.එමෙන්ම නිසි අවස්ථාව එළඹි කල ක්‍රීඩාවෙන් සමුගෙන නවකයන්ට අවස්ථාව ලබාදීමද කළ යුතු දෙයකි.
මීලඟ ලෝක කුසලාන තරඟාවලිය තෙක් තමන් ක්‍රීඩා කරනු දැකීම ජනතා අපේක්ෂාව බව සනත් ජයසූරිය පැවසූ බව අප පුවත්පත්වලින් දුටුවෙමු.
මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලැබුනේ දේශපාලනයටද නොයෙසේ නම් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටදැයි මම නොදනිමි.
කෙසේ වෙතත් මේ පිළිබඳව බ්ලොග් අවකාශයේ කැමත්ත කුමක්දැයි විමසන්නට මම සිතුවෙමි.එබවින් සනත් ජයසූරියගේ අනාගත තීරනය කුමක් විය යුතුදැයි ඔබේ අදහස දක්වන මෙන් මම ඉල්ලා සිටිමි.( දකුණු පස තීරුව තුල එය ඇතුලත්ව ඇත)

Tuesday, April 13, 2010

සුභ අලුත් අවුරුද්දක් වේවා




ලබන්නාවූ නව වසර බ්ලොග් ලියන කියවන සියලු දෙනා ඇතුලු ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා..

ප්‍රියන්ත කරුණාරත්න
ඉනෝෂා දිල්හානි
ගීනුල දුල්මිත්

;;
Related Posts with Thumbnails